March 15, 2024

ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා කාන්තාවන්ගේ දායකත්වයේ වැදගත්කම පිළිබඳව ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් ඊයේ සංවිධානය කරන ලද කාන්තා නායකත්ව සංසදය 2024 අමතමින්, ජනාධිපති ආර්යාව සිය ප්‍රධාන දේශනයේදී කාන්තාවන් ආර්ථික ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට බාධා කරන බහුවිධ බාධක පිළිබඳව සඳහන් කර ඇත.

“අද ශ්‍රී ලංකාව මුහුණ දෙන දැවැන්ත අභියෝගයක් වන්නේ අවස්ථා, සම්පත්, ආදායම් සහ ධනය බෙදී යාමේ අසමානතාවයයි. එබැවින් සියලුම පාර්ශව ඊට ඇතුළත් කිරීම අතිශයින්ම වැදගත් වේ” යැයි මහාචාර්ය වික්‍රමසිංහ පවසා තිබේ.

වැටුප් නොලබන රැකවරණ කටයුතු අවතක්සේරු කිරීම, කාන්තාවන්ගේ පුද්ගල අනන්‍යතා නොසළකා හැරීම, නායකත්ව භූමිකාවන්හි ප්‍රමාණවත් නියෝජනයක් නොමැතිකම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හා හිරිහැර මෙහිදී ඇයගේ අවධානයට ලක්ව ඇත.

ජාතික සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ඇය අවධාරණය කර ඇත්තේ, ව්‍යවස්ථාමය සහතික කිරීම් සහ කාන්තා අධ්‍යාපනයේ හා සමාජ දර්ශකවල සැළකිව යුතු දියුණුවක් තිබියදීත්, පසුගිය දශක තුනක කාලය තුළ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය සියයට 35 ක පමණ මට්ටමක එකතැන පල්වෙමින් පවතින බවයි.

“ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 67.9ක් කිසිදු ආදායමක් උපයන්නේ නැති බවත්, වඩාත් කරදරකාරී ලෙස, කාන්තාවන්ගෙන් සියයට 67.9ක් මූල්‍යමය වශයෙන් අන් අය මත යැපෙන බවත් අපට උපකල්පනය කළ හැකියි” යැයි ඇය පෙන්වාදී තිබේ.

42.31%
17.27%
32.76%