February 5, 2024

ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම හෝ අලෙවි කිරීමේ ක්‍රියාව සඳහා වන දඬුවම වැඩි කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

මෙම තීරණය පැමිණෙන්නේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ ජාවාරමක පැටළී ඇති බවට අනාවරණවීමේ සිදුවීම් මධ්‍යයේය.

ඒ අනුව, ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම හෝ අලෙවි කිරීමේ වරදට වැරදිකරුවන් වන පුද්ගලයන් සඳහා දඩ මුදල රුපියල් 100 සිට රුපියල් 100,000 දක්වා සැළකිවයුතු ලෙස වැඩිකර ඇත.

මීට පෙර, නිශ්චිත ඖෂධයක ගුණාත්මකභාවය අඩාළ කිරීම සහ එය බෙහෙත් ශාලාවකින් හිතාමතාම නිකුත් කිරීම සම්බන්ධ වැරදි සඳහා දඩය නියම කර තිබුණේ රු.100ක් ලෙසයි.

මෙම තීරණ පැමිණෙන්නේ, රටේ ඖෂධවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි පියවර ගැනීමේ අවශ්‍යතාවට ප්‍රතිචාරයක් වශයෙනි.

දඩ මුදල ඉහළ නැංවීමේ යෝජනාව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%