May 30, 2024

වසරේ ගත වූ කාලය තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රන් ආනයන කළ බවට ආයතන පහක් හඳුනාගෙන ඇති බවත්, එම ආයතන වෙත රුපියල් මිලියන 1243ක දඩ මුදල් නියම කළ ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

අදාළ ආයතන අතරින් එක් ආයතනයකට රුපියල් මිලියන 179ක ගෙවීමට නියම වූ බව ඇමැතිවරයා සඳහන් කරයි.

මින් ඉදිරියට රන්භාණ්ඩ ආනයන සිදුකරන බලපත්‍රලාභී සියලු ආයතන මෙම නීතිවිරෝධී ක්‍රියාවන් වෙතින් මිදිය යුතු බව අවධාරණය කරණ රාජ්‍ය ඇමැතිවරයා, අදාළ ආයතන ඍජුව ආනයනය නොකර තුන්වැනි පාර්ශ්ව මගින් මිලදී ගන්නා රන් සඳහා ද නිෂ්පාදන වාර්තා සළකා බලා දඩ මුදල් අයකරගන්නා බව කියා සිටියේය.

ශ්‍රී ලංකා රේගුව විසින් ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ ආයතන 13ක් වටළා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං තොග අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් රුපියල් බිලියන 4.5ක දැවැන්ත දඩයක් පැනවීමට නියමිත බව මීට විය.

මේ ජාවාරමට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සිටින බවට තොරතුරු ලැබී තිබේ.

මෙම ව්‍යාපාරිකයින් රජයට බදු ආදායමක් ලබානොදී දීර්ඝ කාලයක් තිස්සේ නීතිවිරෝධී ක්‍රම මගින් ඉන්දියාවෙන් රත්‍රං රැගෙන ඒම සිදුකර ඇති බව දැනගන්නට ඇත.

42.31%
17.27%
32.76%