May 31, 2024

සැළකිය යුතු වෛද්‍ය විද්‍යාත්මක සන්ධිස්ථානයක් සටහන් කරමින්, චීන විද්‍යාඥයන් පෙරළිකාර සෛල ප්‍රතිකාරයක් භාවිත කර රෝගියෙකුගේ දියවැඩියාව සාර්ථකව සුවකර ඇති බව වාර්තා වේ.

මෙම පුරෝගාමී ප්‍රතිකාරය චීනයේ විද්‍යා ඇකඩමිය යටතේ අණුක සෛල විද්‍යාවේ විශිෂ්ටතා මධ්‍යස්ථානය වන ෂැංහයි චැංෂෙන්ග් රෝහල සහ රෙන්ජි රෝහලේ කණ්ඩායමක් විසින් වැඩි දියුණු කරන ලද අතර එය අප්‍රේල් 30 දින Cell Discovery සඟරාවේ විස්තර කර ඇත.

සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තාවකට අනුව, රෝගියාට 2021 ජූලි මාසයේදී සෛල බද්ධ කිරීම සිදුකර තිබේ.

කැපීපෙනෙන වර්ධනයක් ලෙස, සති එකොළහක් ඇතුළත, ඔහුට තවදුරටත් බාහිර ඉන්සියුලින් අවශ්‍ය නොවීය.

ඊළඟ වසර තුළ, ඔහුගේ රෝගී තත්වය ක්‍රමයෙන් අඩු වූ අතර අවසානයේ රුධිරයේ සීනි පාලනය සඳහා මුඛ ඖෂධ ගැනීම නතර කර ඇත.

“පසු විපරම් පරීක්ෂණ මගින් පෙන්නුම් කර ඇත්තේ, රෝගියාගේ අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය ඵලදායි ලෙස යථා තත්ත්වයට පත් කර ඇති බවයි,” යැයි ප්‍රධාන පර්යේෂකයකු වන යින් පවසා ඇත.

රෝගියා දැන් මාස 33 ක් තිස්සේ ඉන්සියුලින් ලබන්නේ නැත.(Economic Times)