Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රභූන්ට ගුවනින් එල්ල විය හැකි තර්ජන සහ ස්නයිෆර් ප්‍රහාර පිළිබඳව සියලුම බුද්ධි අංශ නිලධාරීන් යොදවා තොරතුරු සොයාඛලා එවැනි තර්ජන ඇත්නම් ඒවා වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පොලිස් පණිවිඩයක් මගින් පෙරේදා (5) දැනුම්දීමක් කළ බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
ප්‍රභූන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි පුද්ගලයන් සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති විය හැකි ඇතැම් සංවිධාන වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන් යොදවා තොරතුරු සොයා බලන ලෙස ද මෙම විශේෂ පොලිස් පණිවිඩය මගින් දැනුම් දීමක් ද කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
කොට්ඨාස බුද්ධි අංශ නිලධාරින් මෙන්ම ත්‍රිවිධ හමුදා බුද්ධි අංශවල ද සහාය ලබාගෙන ආරක්ෂාව තහවුරු කිරිම සඳහා සහ හදිසි අවශ්‍යතාවක් පැනනැගුණහොත් ක්ෂණික සහාය ලබාගැනීම සඳහා අවට පිහිටි ත්‍රිවිධ හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුරු දැනුවත් කර සූදානම් කර තබන ලෙස ද මෙම විශේෂ පොලිස් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
හදිසි අවශ්‍යතාවකදී කැඳවීම සඳහා කැරලි මර්දන කණ්ඩායම් ද සූදානම් කර ස්ථානගත කර තබන ලෙස මෙම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
බලපත්‍ර සහිත ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයන් ගැන ද විශේෂ අවධානයක් යොමුකර එමගින් එල්ල විය හැකි තර්ජන වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස මෙම පොලිස් පණිවිඩය මගින් වැඩිදුරටත් දැනුම්දීමක් කර ඇතැයි පොලිස් මූලස්ථානයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2024 ජනාධිපතිවරණ කාලසීමාවට අදාළව ජනාධිපති ධුර අපේක්ෂකයන් අනෙකුත් විශේෂ ප්‍රභූන් සහ අදාළ ජනහමු ඇතුළු උත්සව සම්බන්ධයෙන් මෙම විශේෂ පොලිස් පණිවිඩය නිකුත් කර ඇත්තේ වැඩබලන පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක විසිනි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart