April 29, 2024

ලාභ ලැබීමේ සීමාව වෙනස් කිරීමට ඉඩ සලසමින් මසකට වරක් ඉන්ධන මිල තීරණය කිරීමට භාවිත කරන ඉන්ධන මිල සූත්‍රය වෙනස් කර ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක පවසයි.

මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන සන්ධානයක් යටතේ තරග කිරීමට බලාපොරොත්තු වන මේ වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙරය.

හිඟය නිසා ඇතිවූ දිගු පෝලිම් මධ්‍යයේ 2022 දී පෙර නොවූ විරූ ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයට සිදුවිය.

ඒ ඉන්ධන මිල පාලනය කිරීම සඳහා හඳුන්වා දුන්, 2019 දී ඔවුන් විසින් අවලංගු කළ ඉන්ධන මිල සූත්‍රයට මාරු වෙමිනි.

“අපි සූත්‍රය වෙනස් කළා. 4% ස්ථාවර ලාභ සීමාව වෙනුවට, අපි දැන් නම්‍යශීලීභාවයට ඉඩ දී ඇති තිබෙනවා. ඉන්ධන සිල්ලර වෙළෙන්දන්ට තම ලාභ සීමාව සියයට 0-4 අතර තෝරා ගගන්න පුළුවන්,” යනුවෙන් රාජ්‍ය ඇමැති චානක පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

“අපිත් ඒ සූත්‍රයේම ගියා නම් මේ මාසේ තෙල් මිල වැඩි කරන්න තිබුණා. නමුත් අපි ලාභ සීමාව 4% සිට 1% දක්වා අඩුකර මිල ගණන් ඒ මට්ටමින්ම පවත්වාගෙන ගියා.” යනුවෙන් පසුගිය මස මිල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබේ.

පසුගිය මාර්තු 31 වැනිදා මේර ඉන්ධන් මිල ගණන් සංශෝධනය කරන විට බහුලව භාවිත වන ඔක්ටේන් 92 සහ සුදු ඩීසල් මිල ගණන් එම මිලටම පවත්වා යාමට පියවර ගෙන තිබිණි.

පෞද්ගලික ඉන්ධන අලෙවිකරුවන් වන ලංකා ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (LIOC) සහ සිනොපෙක් සාමාන්‍යයෙන් රජය විසින් නියම කරන ලද මිල ගණන්ම පවත්වාගෙන යයි.

ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යෑම පාලක ආණ්ඩුවක ජයග්‍රහණ මැනීමේ මාපකයක් ලෙස සැළකෙන අතර මිල අඩු මට්ටමක පවත්වා ගැනීමට නොහැකි වීම පසුගිය කාලයේ ආණ්ඩු පෙරළියකට හේතු විය.

ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික රජයන් බොහෝ දුරට සහන මිලට ඉන්ධන විකුණා ඇත්තේ ඡන්දදායකයන් අතර අප්‍රසාදයට පත්වීමට සහ මැතිවරණ පරාජයට පත්වීමට ඇති බිය නිසා ඛනිජ තෙල් සමාගම්වලට සිදුවන පාඩුව දරාගනිමින්ය.

මෙම පියවර රජය සතු ලංකා ඛනිජ තෙල් සමාගම (CPC) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පාඩු ලැබීමට හේතු වී ඇත.