November 3, 2023

වංචනික පිරමීඩ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් “OnmaxDT” හි අධ්‍යක්ෂවරුන් පස්දෙනකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනුලැබ තිබේ.

මෙම පිරමීඩ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් OnmaxDT නමැති පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරයකුට අයත් වත්කම් විකිණීම වළක්වාලමින් අධිකරණ මීට පෙර නියෝගයක්ද නිකුත්කර තිබිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් මෙම නියෝගයක් නිකුත්කර තිබුණේ OnmaxDT හි අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන්ට අයත් රුපියල් මිලියන 620කට වැඩි දේපළ 20ක් පැවරීම හෝ විකිණීම වළක්වාලමිනි.

මාතර, කළුතර, හම්බන්තොට, සහ කඩවත ප්‍රදේශ භාර ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිව්දෙනකුට මෙම අධිකරණ නියෝගය නිකුත්කර තිබිණි.

පිරමීඩ ක්‍රමය භාවිත කරමින් දේපළ ලබාගෙන ඇති බවට විමර්ශනවලින් තහවුරු වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම අධිකරණ නියෝගය ඉල්ලා තිබිණි.

පිරමිඩ ජාවාරමට සම්බන්ධ බව වසන් කිරීම සඳහා සම්පත් සඳරුවන් එම දේපළවල අයිතිය තම බිරිඳට සහ ඥාතීන්ට පැවරීමට උත්සාහ කර ඇති බවද අනාවරණය වී තිබිණි.

පිරමිඩ යෝජනා ක්‍රමවල නිරතවීම හේතුවෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරන ලද ආයතන 09 අතර OnmaxDT ද ඇතුළත් විය.

42.31%
17.27%
32.76%