January 30, 2025

වයස 16ට අඩු දැරියක භාරකාත්වයෙන් අපහරණය කර අවස්ථා දෙකකදී ඇය දූෂණය කළ පුද්ගලයකු වැරැදිකරු බවට තීරණය කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉකුත් 28 දා ඔහුට වසර 18ක සිරදඬුවම්, දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියෝග කළාය.

එසේ දඬුවම් නියම වූයේ වේවැල්වත්ත පදිංචි ආනවුන්ඩස් බාලක්‍රිෂ්ණන් නමැති පස්දරු පියකුටය.

2018-2-18 දින විතිකරු මෙම වරද සිදුකළ බව අධි චෝදනාවේ දැක්විණි.

දීර්ඝ නඩු විභාගයකින් පසු විනිසුරුවරිය විත්තිකරු වරදකරු බවට තීරණය කෙරිණි.

විත්තිකරුට බරපතළ වැඩ ඇති වසර 18ක සිරදඬුවමක් ද රුපියල් 10,000ක දඩයක් ද නියම වූ අතර, වින්දිත දැරියට ලක්ෂ පහක වන්දි මුදලක් ද ගෙවීමට ද නියෝග කෙරිණි.

විතිකරු දඩ මුදල් නොගෙවන්නේ නම් ඔහුට තවත් මාස තුනක සිරදඬුවමක් ද, වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස හයක සිර දඬුවමක් ද නියම විණි

42.31%
17.27%
32.76%