October 29, 2024

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබාදුන් පියකු සහ පුතකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය පවසන පරිදි සැකකරුවන් පෙරේදා ගුවන් තොටුපළේ දුරකථන ක්‍රියාකරුට මෙම දුරකථන ඇමතුම ලබා දී ඇත.

මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ පරීක්ෂණයකදී වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ 30 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගත් බව උසස් පොලිසිය සඳහන් කරයි.

42.31%
17.27%
32.76%