April 28, 2024

ලිතුවේනියාවේ රැකියාවලට ගොස් බලපෑමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයාබලන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් දෙන්නැයි එරට තානාපතිවරයාට දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට ගිය ලාංකිකයන් 106 දෙනකු එරට ඌරු කොටුවල රැකියා සඳහා යොමුකර ඇති බවට පසුගිය දා තොරතුරු අනාවරණය විය.

ලිතුවේනියාවෙන් පිටුවහල් කර දිවයිනට පැමිණි ලාංකිකයන් දෙදෙනකු පසුගිය 26 වැනි දා උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ දී එම අනාවරණය සිදුකර තිබේ.

ඔවුන්, රුපියල් ලක්ෂ 12ක මුදලක් කොළඹ විදේශ රැකියා නියෝජිත ආයතනයකට ලබා දී බර වාහන රියැදුරු රැකියා සඳහා ලිතුවේනියාව බලා පිටත්ව ගොස් තිබිණි.

 

42.31%
17.27%
32.76%