Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආනමඩුව ප්‍රදේශයේ ආන්තිකුලම ප්‍රදේශයේ කුඹුරුවලට කුඩා කුරුල්ලන් පැමිණීම හේතුවෙන් තම වී වගාවට විශාල හානියක් සිදුවන බව ප්‍රදේශයේ ගොවීහු පවසති.
මහ කන්නයේ වගාවේ ළපටි වී කරල් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තම කාලයෙන් වැඩි කොටසක් කුරුල්ලන් පලවා හැරීමට වැය කරන බව ඔවුහු පවසති.
ගොවීන් පවසන්නේ ඉර උදාවීමට පෙර නිවසින් පිටත්ව පෙරවරු 9 පමණ වනතුරු සිට නැවත නිවසට පැමිණ යළි පස්වරු 3ට පමණ ආපසු ගොස් හිරු බැස යන තුරුම තම කුඹුරට පැමිණෙන කුරුල්ලන් පලවා හැරීමට කටයුතු කරන බවයි.
වල් අලි, වඳුරන්, මොණරුන්, වල් ඌරන්, කුරුමිණියන් ඇතුළු පළිබෝධකයන්ගෙන් සිදුවන විනාශයට අමතරව කුරුල්ලන් ද තම වගාවන්ට විශාල විනාශයක් සිදු කරන බව ඔවුහු පවසති.
සියඹලා වැව, දේවාල වැව, ගෝම වැව, තාරණගහ වැව යන ආන්තිකුලම අවට ගම්මානවල අක්කර 110ක පමණ භූමි ප්‍රමාණයක් වගා කෙරේ.
කුරුල්ලන් පලවා හැරීම සඳහා රතිඤ්ඤා, වායු රයිෆල් භාවිත කරන අතර, වානේ තහඩු එල්ලීම සහ පොලුවලින් පහර දීම වැනි සාම්ප්‍රදායික ක්‍රම ද භාවිත කරන බව ගොවීහු පවසති.
කුරුල්ලන් සහ වන සතුන් විසින් කරන විනාශය හේතුවෙන් අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව ආන්තිකුලම ප්‍රදේශයේ ගොවියකු වන චමින්ද රාජපක්ෂ පැවසීය.
“මේ අවුරුද්දේ කුරුල්ලෝ දහස් ගණනක් අපේ කුඹුරුවලට බැහැලා ළපටි කරල් කෑවා,” යැයි ඔහු පැවසීය.
ඔවුන්ගේ කෙත්වතු ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලිය මිල අධික මෙන්ම ශාරීරිකව වෙහෙසකර බව ඔහු පැවසීය.
බෝග සුරක්ෂිතව තබා ගැනීමට මුළු පවුලම මාරුවෙන් මාරුවට කටයුතු කරන බව ඔහු පැවසීය.
තවත් ගෙවිලියක වන කපුරු මැණිකා පැවසුවේ කුරුල්ලන්ගෙන් සිදුවන පාඩු නිසා තමන් කම්පනයට පත්ව ඇති බවයි.
“සමහර වෙලාවට දවසකට අපි රතිඤ්ඤා පැකට්ටුවකට වඩා පාවිච්චි කරනවා. එය මිල අධිකයි සහ වෙහෙසකරයි,”යනුවෙන් ඇය පැවසුවාය.
ආර් එච් එම් ඉන්ද්‍රානි පැවසුවේ තම වගාවට සිදුවන විනාශය හේතුවෙන් තමන්ට ගොවිතැන එපා වී ඇති බවයි.
“කුරුල්ලන් අපට විශාල ගැටලුවක් වී ඇත,” යනුවෙන් ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart