April 17, 2024

බෝ නොවන රෝග මගින් මතුවන ආර්ථික බර සහ බෝ නොවන රෝග සඳහා මධ්‍යසාර පරිභෝජනයේ ප්‍රමුඛ පෙළේ අවදානම් සාධකය සැළකීමේ දී මෙරට ගෘහ ඒකක සිය මාසික අයවැයෙන් 10%ක් මත්පැන් සඳහා වැය කරන බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.

අදාළ පර්යේෂණය සිදුකර තිබුණේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසිනි.

එම ආයතනයේ පර්යේෂණ ආර්ථික විද්‍යාඥ ප්‍රියංකා ජයවර්ධන පවසන්නේ මධ්‍යසාර ආශ්‍රිත බදුකරණය මගින් බෝ නොවන රෝග සඳහා මධ්‍යසාර පරිභෝජනයේ අවදානම් සාධකය අවම කිරීමට ඵලදායීව හැකිවනු ඇති බවයි.

එමගින් විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී කණ්ඩායම් සඳහා බලපෑමක් කළ හැකි බව පෙනීගොස් ඇත.

ප්‍රියංකා ජයවර්ධන මේ සම්බන්ධ තොරතුරු හෙළිකළේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් පසුගියදා පවත්වන ලද ‘සෞඛ්‍යමත් ශ්‍රී ලංකාවක් සඳහා මධ්‍යසාර පාලනය පිළිබඳ ප්‍රතිපත්ති’ සංවාදයේදීය.

සමාජ අවශ්‍යතාවක් ලෙස මධ්‍යසාර පිළිබඳ මහජනතාවගේ මතය ඉවත්කිරීම සහ එහි බරපතළ සෞඛ්‍ය ප්‍රතිවිපාක පිළිබඳ පැහැදිලි කිරීමේ අවශ්‍යතාව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ, වෛද්‍ය නිශා අරුණතිලක සහ Sri Lanka RESET Alcohol Initiative හි උපදේශක පුබුදු සුමනසේකර මෙහිදී පැහැදිලි කළහ.

ජාතික මධ්‍යසාර හා දුම්කොළ අධිකාරියේ සභාපති වෛද්‍ය ඇලන් ලුඩොවික් විසින් මෙහිදී ඉස්මතු කරනු ලැබුවේ මත්පැන් පරිභෝජනයේ පිරිවැය සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් මත මධ්‍යසාර ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයේ අසමාන බර සහ සෞඛ්‍ය ගැටලු පිළිබඳයි.

මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා රජය, බුද්ධිමතුන්, ජනමාධ්‍ය සහ සිවිල් සමාජය අතර සහයෝගී ප්‍රයත්නයන් අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයයේ පර්යේෂණ සහකාර ආචාර්ය ලක්මිණි ප්‍රනාන්දු මෙහිදී අවධාරණය කළේ රාජ්‍ය ආදායම උත්පාදනය කරන අතරම, මධ්‍යසාර පරිභෝජනය අවම කිරීම සඳහා සුරාබදු අනුපාත ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳවය.

දැනට සිදුවන මුළු මරණවලින් 83%කටම හේතුවන්නේ බෝ නොවන රෝගය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ 2015 වසරේදී පමණක්, මධ්‍යසාර ආශ්‍රිත තත්ත්වයන් සඳහා වූ ආර්ථික පිරිවැය ඩොලර් මිලියන 885.86ක් වූ අතර එය එම වසරේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.07%ට සමාන බවයි.

42.31%
17.27%
32.76%