Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුද්ධි අංශයේ නිලධාරියකුට ඔහු කළ රාජකාරිය වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් හිමිවූ තෑගි මුදල් අතර රුපියල් 5000ක ව්‍යාජ නෝට්ටු දෙකක් තිබීමක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකුට 2023 වසරට අදාළව රුපියල් 24,100ක ත්‍යාග මුදලක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් හිමිව තිබී ඇත.
මෙම මුදල මොරටුව පොලිස් ස්ථානය මගින් ගෙවීම් කරන ලෙස මෙම නිලධාරියා අදාළ අංශ වෙත දැනුම් දී තිබී ඇත.
ඒ අනුව අදාළ මුදල් පොලිසියේ ගෙවීම් අංශය විසින් මොරටුව පොලිස් ස්ථානයට යොමුකර තිබේ.
එහිදී එම මුදල් භාරගෙන ඇත්තේද කොස්තාපල්වරයෙකි.
මුදල් බහාලන ලද ලිපි කවරය අදාළ නිලධාරියා විසින් බුද්ධි නිලධාරියා අතට පත්කර ඇත්තේ පසුගිය 21වැනිදාය.
එම නෝට්ටු පරීක්ෂා කිරීමේ දී එහි තිබුණු රුපියල් 5,000 නෝට්ටු දෙකක් ව්‍යාජ ඒවා බව අනාවරණය වීම හේතුකොටගෙන බුද්ධි නිලධාරියා ඒ බව මොරටුව පොලිස් ස්ථානයට පැමිණිලිකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart