January 11, 2024

කාම්බෝජය සහ ඩුබායි සිට එවූ රුපියල් මිලියන 144කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි විශාල තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ (10) ප්‍රදර්ශනය කරන ලදී.

රේගු ආදායම් කාර්ය සාධක බළකායේ (Customs Revenue Task Force) නිලධාරීන් විසින් ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේ පිහිටි භාණ්ඩ පරීක්‍ෂණ අංගනයේදී අත්අඩංගුවට ගත් ව්‍යාජ දුම්වැටි මෙලෙස ප්‍රදර්ශනය කෙරිණි.

කාම්බෝජයේ සිට කොළඹ වරායට පැමිණි අඩි 20ක සැකකටයුතු කන්ටේනරයක් විවෘත කර, සෝදිසි කිරීමේදී ඇඳුම් රැගත් පෙට්ටි කිහිපයක් සොයාගැනීමට හැකිව තිබේ.

ඒ පිළිබදව තවදුරටත් සෝදිසි කිරීමේදී, විශාල දුම්වැටි තොගයක් කන්ටේනරය තුළින් සොයාගෙන ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා සීවලී අරුක්ගොඩ පැවසුවේ, රුපියල් 99,438,750 (මිලියන 99)කට අධික වටිනාකමකින් යුත් ව්‍යාජ දුම්වැටි කූරු 3,997,600 (මිලියන 3.9)කින් මෙම දුම්වැටි තොගය සමන්විත වූ බවයි.

මීට අමතරව බණ්ඩාරනායක අන්තරජාතික ගුවන්තොටුපළේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන පරීක්ෂණ පර්යන්තයට පැමිණ තිබූ, තවත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායක රේගු ආදායම් කාර්ය සාධක බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දුම්වැටි තොගය රුපියල් 45, 078, 557 (මිලියන 4.5)කට වැඩි වටිනාකමකින් යුත්, දුම්වැටි කූරු 1,800,000 කින් සමන්විත බව පැවැසේ.

42.31%
17.27%
32.76%