Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස වාහන එකලස් කර විකිණීමට සම්බන්ධ අපරාධ ජාලයක් පොලිස් වංචා විමර්ශන කාර්යාංශය විසින් අනාවරණ කර ගෙන තිබේ.
ඒ අනුව, මෙම අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයකු මාතලේ ප්‍රදේශයේදී පොලිස් වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිලගේ උපදෙස් අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මේ අතර, සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහන 8ක් සොයාගෙන ඇති අතර, එම වාහනවල අංක තහඩු සහිත චැසි අංක වෙනස් කර ඇති බවට පොලිසිය සැකකරයි.
ඉන් වාහන 6ක් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර තවත් වාහන දෙකකට දැඩි හානි සිදුවී ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී පිළියන්දල ප්‍රදේශයේ තවත් වාහනයක් සඟවා ඇති බවත්, එහි චැසි අංකය සහ එන්ජින් අංකය වෙනස් කර ඇති බවත් අනාවරණය වී තිබේ.
මීට අමතරව, නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෙම වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට මූල්‍ය ආධාර ලබා දුන් මූල්‍ය ආයතනයක සේවකයෙකු ඇතුළු මෙම අපරාධ ජාලයට සම්බන්ධ පුළුල් පුද්ගල ජාලයක් ද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
සොයාගන්නා ලද නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනවල මුළු වටිනාකම රුපියල් මිලියන 50 ඉක්මවන බව ඇස්තමේන්තු කර තිබේ.
සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart