December 12, 2024

කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන chatbot ChatGPT ජාලය ගෝලීය වශයෙන් ඇණහිටීම්වලට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මිලියන ගණනක් පරිශීලකයින්ට එහි සේවාවන් වෙත ප්‍රවේශ වීම අපහසු වී ඇතැයි සඳහන් වේ.

විසන්ධිවීම පිළිගෙන OpenAI මගින් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි සටහනක් තබා තිබේ.

එහි දැක්වෙන්නේ ඔවුන් ගැටලුව හඳුනාගෙන විසඳුමක් සොයා ක්‍රියාත්මක වෙමින් සිටින බවයි.

“අපි මේ වන විට ඇණහිටීමකට මුහුණදී සිටිමු. අපි ගැටලුව හඳුනාගෙන ඇති අතර එය නිවැරදි කිරීමක් කිරීමට කටයුතු කරමින් සිටිමු. සමාවන්න, අපි ඔබව යාවත්කාලීනව තබමු” X හි තබා ඇති සටහනක් මගින් සමාගම පැවැසීය.

මේ අතර වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ද ඊයේ රාත්‍රියේ සිට තාක්ෂණික දෝෂයකට ලක්ව තිබිණි.

මෙම ගැටළුව ගෝලීය වශයෙන් බලපා තිබූ අතර පරිශීලකයන් මිලියන ගණනකට එම යෙදවුම් වෙත ප්‍රවේශ වීමට නොහැකි විය.

තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් පැනනැගුණු අවහිරයන් 99% ක් පමණ සාමාන්‍ය තත්ත්වයට පත්කර ඇති බ්ව මෙටා සමාගම පසුව නිවේදනය කර තිබිණි.

42.31%
17.27%
32.76%