August 7, 2024

විදුලිය හා ඛනිජ තෙල් සැපයීම අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝග පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් එය නිකුත් කර ඇත.

ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින්, සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය බව හා එම සේවාවට බාධාවක් හෝ අවහිරතාවයක් ඇතිවිය හැකි බව සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම අත්‍යවශ්‍ය සේවා නියමයන් ප්‍රකාශයට පත්කර තිබේ.

42.31%
17.27%
32.76%