October 27, 2024

ආනයනය කර දින 90ක් ඇතුළත වාහනය ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත් ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් නව රෙගුලාසි යටතේ වාහන ආනයනකරුවන්ගෙන් අලුතින් ආනයනය කරන ලද වාහනයක පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහන (CIF) වටිනාකමෙන් සියයට 3කට සමාන බද්දක් අයකිරීමට තීරණය කර තිබේ.

භාණ්ඩාගාරික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු Sunday Times වෙත පවසා ඇත්තේ, අලෙවි කරන්නන් විසින් තොග වශයෙන් වාහන ආනයනය කර අලෙවිසැල් වල ගබඩා කිරීම වැළැක්වීම සඳහා මෙම බදු පැනවීමේ අරමුණ වී ඇති බවත්, නැතහොත් වාහන ආනයනයේදී රටට විශාල ඩොලර් ප්‍රශ්නයක් ඇතිවිය හැකි බවත්ය.

“අපේ ඩොලර් තත්ත්වය තවමත් එතරම් විශාල ප්‍රමාණයකින් වාහන ආනයනය කර වාහන අලෙවිසැල් වල තබාගැනීමට තරම් හොඳ තත්ත්වයක නැහැ” යනුවෙන් එම නිලධාරියා පෙන්වාදී ඇත.

විවිධ කාණ්ඩ සඳහා රජය විසින් අදියර වශයෙන් ආනයන සීමා ඉවත්කරන බව ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ එකඟතාව මත පළමු පියවර ලෙස ලබන මාසයේ සිට සංචාරක වාහන සහ අනෙකුත් මගී ප්‍රවාහන වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු සීමා ඉවත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.

ලොරි, ටිපර් රථ, බැකෝ යනාදී කාර්මික වාහන ආනයන සීමා ඉවත් කිරීම සඳහා මහ බැංකුවේ අනුමැතිය ඇතිව නොවැම්බර් මාසයේදී තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ඔහු පවසා ඇත.

මෙම ක්‍රියාවලිය ලබන වසරේ ජනවාරි මාසයේදී නැවත සිදුකෙරෙන අතර, මෝටර් රථ, වෑන් රථ සහ ජීප් රථ වැනි පෞද්ගලික භාවිත වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම පෙබරවාරි මාසයේ සිදුවන බව එම නිලධාරියා සඳහන් කර තිබේ.

ආනයනය කරන ලද සියලුම වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු අතර, ‘ගරාජ් අංක තහඩු’ සහිත වාහන විකිණීමට රජය ඉඩනොදෙන බව එම නිලධාරියා අවධාරණය කර ඇත.

ඒ අනුව ආනයනය කර දින 90ක් ඇතුළත වාහනය ලියාපදිංචි කිරීමට අලෙවි නියෝජිතයා අපොහොසත් වුවහොත් CIF අගයට සමාන සියයට 3ක බද්දක් අයකෙරේ.

මෙම සීමාවන් ඉවත් කරන්නේ කවදාද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති නමුත් යතුරුපැදි ආනයන සීමාවන් ඉවත් කිරීමට භාණ්ඩාගාරය නිර්දේශ කර ඇති බව ඔහු පවසා තිබේ.

 

42.31%
17.27%
32.76%