October 24, 2023

කල් ඉකුත් වීම නිසා ඕස්ට්‍රේලියාවේ, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඉවත්කරන ළමා ක්‍රීඩාපිටි ශ්‍රී ලංකාව අතුළු රටවල් කිහිපයකට යැවීමට නියමිත බව ‘7 නිව්ස්’ පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, දකුණු ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජ විසින් එවැනි ක්‍රීඩාපිටි මොංගෝලියාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව සහ නැගෙනහිර ටිමෝරය වැනි රටවලට ගෙනගොස් නැවත ක්‍රීඩාපිට ගොඩනැගීම සිදුකරයි.

එම ව්‍යාපෘතියේ ප්‍රධානී මාර්ක් ක්ලෙමොව් පවසන්නේ, මෙම ක්‍රීඩාපිටි හොඳ තත්ත්වයේ පවතින නමුත් ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රමිතීන්ට අනුකූල නොවන බවයි.

ඒ අනුව කිසි දිනෙක ක්‍රීඩා පිටියක් නොදුටු ප්‍රජාවන්ට මෙම ක්‍රීඩා පිටි යොමුකරන බව ක්ලෙමොව් පවසයි.

දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය සභා පවසන්නේ, පැරණි ක්‍රීඩා පිටි නැව්ගත කිරීම ලාභදායී බවයි.

කුමන තත්ත්වයේ පැවතියත් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාපිටි සෑම වසර 10-15කට වරක් ප්‍රතිස්ථාපනය කෙරෙන බව 7 නිවුස් වැඩිදුරටත් වාර්තා කර තිබේ.

42.31%
17.27%
32.76%