Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව වසරේ ‘කුඩා මාළු’ පසුපස නොගොස් සමාජයට සැබෑ බලපෑමක් ඇති කරන මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ගුබ්බෑයම් සහ මත්ද්‍රව්‍ය වැටලීමට කටයුතු කරන ලෙස අලුතින් පත් වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී යූ.එල්. උදය කුමාර පෙරේරා ඊයේ සිය නිලධාරීන්ට දැනුම්දී තිබේ.
සුරාබදු නිලධාරීන්ට වාර්ෂිකව උසාවි ඉදිරිපත් කිරීමට නියමිත නඩු සංඛ්‍යාවක් ලබා දෙන සාම්ප්‍රදායික ඉලක්කය පාදක කාර්ය සාධන ඇගයීම් ක්‍රමය අවලංගු කර, නීතිය කඩ කරන ‘ලොකු මාළු පසුපස යන’ ඉලක්කය ලබාදීමට තමන් කටයුතු කරන බව යූ.එල්. උදය කුමාර පෙරේරා පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව තුළ විශේෂ ඒකක හයක් ඇති අතර, විශේෂ මෙහෙයුම් කාර්යාංශය ඒකක පහක් සහ මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුළුව, නිලධාරීන්ට ඔවුන්ගේ කාර්ය සාධන ඇගයීම් සපුරාලීම සඳහා වාර්ෂිකව අධිකරණ නඩු 250 සිට 300 දක්වා ප්‍රමාණයක් අවසන් කිරීමට ඉලක්කයක් ලබා දී ඇත.
“මේ ආකාරයට ඇතැම් නිලධාරීන් කසිප්පු බෝතල් දෙක තුනක් හෝ ගංජා අවුන්ස කිහිපයක් ඇති පුද්ගලයන් පසුපස ගොස් උසාවි නඩුවක් ලබාගෙන තම වාර්ෂික ඉලක්කයට එකතු කරනවා . ඒ නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේදී සමාජයට සැබෑ බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම නීතිවිරෝධී මත්පැන් කර්මාන්තයේ කැපී පෙනෙන අඩුවක් ගෙන ඒමට අලුත් අවුරුද්ද ආරම්භයේ සිට මෝරුන් සොයා පමණක් යන ලෙස මම ඔවුන්ට උපදෙස් දී තිබෙනවා. මෙතැන් සිට නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වන්නේ ඔවුන් විසින් කඩාකප්පල් කරන බලපෑම් සහගත ප්‍රධාන නඩු මත මිස ඔවුන් ඉදිරිපත් කරන අධිකරණ නඩු සංඛ්‍යාව මත පමණක් නෙවෙයි , ”යනුවෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
“මීට පෙර, ප්‍රධාන වැටලීම් සඳහා බුද්ධි තොරතුරු ලැබෙන නිලධාරීන් දිරිගැන්වීමක් ලෙස ඔවුන්ගේ මාසික වැටුපට 25%ක අමතර දීමනාවක් ගෙව්වා. ශ්‍රී ලංකා රේගුව විසින් අනුගමනය කරනු ලබන ත්‍යාග යෝජනා ක්‍රම වැනි කැපී පෙනෙන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා එම ඒකකයේ හෝ කණ්ඩායමේ සියලු දෙනාටම ප්‍රතිලාභ සැලසෙන පරිදි 2025 දී මෙය සංශෝධනය කරනවා.”යැයි ද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart