March 24, 2025

බලපත්‍රයක් ලබාගැනීමේ නීති වෙනස් කිරීමට තීරණය කිරීමෙන් පසු රුමේනියාව ශ්‍රී ලංකාවේ කුලී රථ රියදුරන්ට වැඩ කිරීමට අවසර දීමට නියමිත බව වාර්තා වේ.

රුමේනියානු ජනමාධ්‍යවලට අනුව, විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට ඉඩදීමෙන් බලපත්‍රයක් ලබාගැනීමේ නීති වෙනස් කිරීමෙන් පසු, රුමේනියාව යුරෝපා සංගම් නොවන රටවල විදේශිකයන්ට කුලී රථ හෝ Uber/Bolt රියදුරන් ලෙස ඇතුළුව වැඩකිරීමට ඉඩදෙනු ඇති බව වාර්තා වෙයි.

වෘත්තීය රියදුරන් නොමැතිකම මධ්‍යයේ, රුමේනියාවේ ප්‍රවාහන සංවිධාන අවම වශයෙන් වසර 5 ක් තිස්සේ අවධාරණය කරමින් සිටින්නේ, නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, පිලිපීනය වැනි ආර්ථිකය එතරම් දියුණු නොවන සහ පිළිගත හැකි මට්ටමක ඉංග්‍රීසි කතාකරන රටවලින් වෘත්තීය රියදුරන් ආනයනය කිරීමට රුමේනියානු රාජ්‍යය ඉඩදිය යුතු බවයි.

එරට ජනමධ්‍ය ආයතනයක් වන Profit.roට වාර්තාවන්ට අනුව, කුලී රථ රියදුරු සහතික මෙන්ම වීසා ලබාගැනීම වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් න්‍යායාත්මක විභාගය මෙම මාසයේ සිට මුහුණ දිය හැකිය.