Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ කෘෂිකර්ම විද්‍යා I සහ II ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර නිකුත් වී ඇතැයි කියන සිද්ධියට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
38 හැවිරිදි සැකකරු මොරටුව මහා විද්‍යාලයේ ස්ථාපිත උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ විභාග මධ්‍යස්ථාන ප්‍රධානියාගේ සහයකයා ලෙස සේවය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
අම්පාර ප්‍රදේශයේ ජනප්‍රිය රජයේ පාසලක උසස් පෙළ කෘෂිකර්ම විද්‍යා ගුරුවරයා එම සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුගේම අත් අකුරින් ලියන ලද 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා I සහ II ප්‍රශ්න පත්‍ර ද පොලිසිය විසින් ඔහුගේ නිවසේ තිබී සොයාගන්නා ලදී.
52 හැවිරිදි මෙම ගුරුවරයා උසස් පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති ද පවත්වන බව පොලිසිය පවසයි.
ඔහු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2024 ජනවාරි 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවති කෘෂිකර්ම විද්‍යාව I සහ II ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර නිකුත් වී ඇති බවට වාර්තා වීම හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට සිකුරාදා (ජන. 12) තීරණය කළේය.
එම ප්‍රශ්න පත්‍රය සඳහා නැවත විභාගය පවත්වන දිනය පසුව දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart