
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 දී මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකදී කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු මියයෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කැඳවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හෙට (31) පෙනීසිටින ලෙස හිටපු අමාත්‍යවරයාට දැනුම් දී ඇති බව CID හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත හෙළිකර තිබේ.
නඩුවට අදාළ තොරතුරු හිටපු අමාත්‍යවරයා දැනසිටිය හැකි බවට ඇති සැකය හේතුවෙන් මෙලෙස ප්‍රකාශය සටහන් කරගන්නා බව නිලධාරියා තවදුරටත් පැහැදිලි කර ඇත.
තවද, සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
2023 දෙසැම්බර් 31 වන දින, මාතර වැලිගම, පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් සැරයන්වරයකු මිය ගිය බව වාර්තා විය.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් අටදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය මෑතකදී නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart