June 12, 2023

ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි (86) අභාවප්‍රාප්තවී ඇත.

ඉතාලියේ බිලියනපතියකු සහ එරට විශාලතම ජනමාධ්‍ය සමාගම ආරම්භ කිරීමේ පුරෝගාමී වූ අගමැතිවරයාවූ බර්ලුස්කෝනි, ලියුකේමියාවෙන් පෙළෙමින් සිටි අතර, මෑතකදී පෙනහළු ආසාදනයකටද ගොදුරුවී තිබේ.

මිලාන්හි සැන් රෆේල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු පසුගිය සිකුරාදා මියගොස් ඇත.

අගමැතිවරයාට නිදන්ගත මයිලෝමොනොසයිටික් ලියුකේමියාව වැළඳී තිබූ අතර, එය දුර්ලභ රුධිර පිළිකා වර්ගයක් ලෙස සැළකේ.

වසර විස්සකට ආසන්න කාලයක් ඉතාලි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බර්ලුස්කෝනි, ‘පීපල් ඔෆ් ෆ්‍රීඩම්’ දේශපාලන පක්ෂයේ නායකත්වයට 2013දී පත්වීමට පෙර, 1994 සිට 2009 දක්වා මධ්‍ය-දක්ෂිණාංශික දේශපාලන පක්ෂය වන ‘ෆෝසා ඉටලියා’ වෙත නායකත්වය දුන්නේය.

ඔහු තෙවරක් ඉතාලියේ අගමැති ධූරය දැරූ අතර, ඒ 1994 සිට 1995 දක්වා, 2001 සිට 2006 දක්වා සහ නැවතත් 2008 සිට 2011 දක්වාය.