
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී දළදා වන්දනා සමයේ මහනුවර නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර, ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් නිලධාරීන් 10,000ක් සේවයේ යෙදවීමට තීරණය කර ඇත.
දළදා මාලිගා පරිශ්‍රයට පෝලිම් තුනක් ඔස්සේ ඇතුළු වන ජනතාව ස්ථාන දෙකකදී පරීක්ෂාවට ලක්කිරීමට පොලීසිය සැලසුම් කර තිබෙන අතර, ආරක්ෂක කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා සහයක් ලෙස අමතර බඩු බාහිරාදිය රැගෙන ඒමෙන් හැකි තරම් වළකින ලෙස මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක පවසයි.
අදාළ ආරක්ෂක කටයුතු සැලසුම් කිරීම සහ දළදා වන්දනාවට අදාළ යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවරදී විශේෂ සාකච්ඡාවක්ද පවත්වනු ලැබීය.
මහජන සහභාගිත්වය අනුව මල්වතු, අස්ගිරි උභය මහා විහාරීය මහානාහිමිවරුන්ගේද අනුශාසනා පරිදි දළදා වන්දනාව පැවැත්වෙන දින ගණන දීර්ඝ කිරීමේ හැකියාවක් පවතින නමුත් මෙතෙක් එවැනි තීරණයක් ගෙන නැති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි. ඒ පිළිබඳව අවසන් තීරණයක් ගනු ලබන්නේ දළදා දැක්ම ආරම්භ වීමෙන් පසුව බවත් හෙතෙම සඳහන් කරයි.
දළදා වහන්සේ වෙනුවෙන් දෛනිකව ශ්‍රී දළදා මැඳුරේදී ඉටුකළ යුතු චාරිත්‍ර හා පුද පූජා ගණනාවක් තිබෙන බවත්, මේ නිසා සෑම දිනකම දවහල් 12.30ත් පස්වරු 5.30ත් අතර කාලයේ පමණක් දළදා වන්දනාව සඳහා බැතිමතුන්ට අවස්ථාව සලසන බවත් පවසන දියවඩන නිළමේවරයා, ඊට අමතරව කාලය දීර්ඝ කිරීමක් කිසිසේත් සිදුනොවන බවද අවධාරණය කරයි.
මේ අතර දළදා වන්දනාව සමයේ මහනුවර නගරයේ සියලු පදික වෙළෙඳුන් ඉවත් කිරීමට මහනුවර මහනගර සභාව තීරණය කර තිබේ.
මේ අතර සිරි දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එම කණ්ඩායම් පැමිණෙන වාහන හඳුනාගැනීමට හැකිවන පරිදි ස්ටිකරයක් හඳුන්වාදීමට පොලීසිය කටයුතු කර තිබේ.
සිරි දළදා දැක්ම සඳහා විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙතැයි පොලීසිය අපේක්ෂා කරන බැවින් බැතිමතුන්ගේ වාහන පහසුවෙන් හඳුනාගෙන රථගාල් වෙත යොමුකිරීම සඳහා සහ බැතිමතුන් හට අවහිරයකින් තොරව වන්දනා කර ගැනීමට හැකිවන පරිදී ඉඩ ප්‍රස්තාව සැලසීම මෙන්ම පැමිණෙන සංඛ්‍යාව ගණනය කිරීම සඳහා මෙම ස්ටිකරය හඳුනාවා දීමට පොලීසිය කටයුතු කර ඇත.
ඒ අනුව සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කර දළදා වන්දනාව සඳහා පිටත්ව යන වාහන වෙත මෙම ස්ටිකරය නිකුත් කර ලෙස දැනටමත් පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවත් පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart