42.31%
17.27%
32.76%
September 24, 2024

ජනාධිපතිවරණයට පෙර පැවති ප්‍රචාරක කටයුතුවලදී මැතිවරණ තරග පිටිය විකෘති කළ බවට යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට චෝදනා කර තිබේ.

2024 ජනාධිපතිවරණය පිළිබඳ මූලික ප්‍රකාශයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් කණ්ඩායම කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා වැටුප් වර්ධක, සමාජ ප්‍රතිලාභ යෝජනා ක්‍රම, පොලී රහිත ශිෂ්‍ය ණය සැලැස්මක් සහ කුඩා ව්‍යාපාර සඳහා මූල්‍ය ආධාර වැඩසටහන් ප්‍රකාශයට පත් කළ බවයි.

“රජයේ සහ ප්‍රාදේශීය නිලධාරීන් වත්මන් රැලිවලට සහභාගී වීමෙන් පාලනය සහ ප්‍රචාරණය අතර රේඛාව තවදුරටත් බොඳ වුණා. තේරී පත් වූ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් නොමැති වීම නිසා මෙය උග්‍ර වී තිබුණා,” යනුවෙන් යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

ස්පාඤ්ඤයේ යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක සැන්චෙස් අමෝර් ජනාධිපතිවරණය සම්බන්ධ සිය මෙහෙයුමේ මූලික සොයාගැනීම් ඉදිරිපත් කළේය.

“2022 රට මුහුණදුන් පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන අර්බුදවලින් පසු පළමු මැතිවරණය ලෙස 2024 ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවට තීරණාත්මක පියවරක් වුණා. මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයේ සෑම ප්‍රධාන අදියරකදීම විනිවිදභාවය සහතික කරමින් ස්වාධීනව සහ අධිෂ්ඨානශීලීව එම ක්‍රියාවලිය සිදු කළා. මැතිවරණය ඡන්දදායකයන්ට සැබෑ දේශපාලන තේරීම් ලබා දී තිබූ අතර,මැතිවරණ ව්‍යාපාරය බොහෝ දුරට සාමකාමී සහ ජවසම්පන්නව පැවතියා, ”යනුවෙන් ඔහු පැවසීය.

කෙසේවෙතත්, බලයේ සිටීමේ වාසිය සහ සමහර උපායමාර්ගික ඩිජිටල් ප්‍රචාරණ ඡන්දදායකයන් ව්‍යාකූල කිරීම අරමුණු කරගත් බව පෙනී ගියේ යැයි ද ඔහු පැවසීය.

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම විසින් නිරීක්ෂණය කරන ලද සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මනා පුහුණුව ලත් ඡන්ද පොළ කාර්ය මණ්ඩලය කාර්යක්ෂමව පහසුකම් සළසා දෙමින් මැතිවරණ දිනය ක්‍රමවත්ව සහ සන්සුන්ව පවත්වාගෙන ගිය බව ප්‍රධාන නිරීක්ෂකයා සඳහන් කළේය.

සමහර අවස්ථාවල පරිශ්‍රය ජනාකීර්ණ වුවද, ක්‍රියාවලියේ අඛණ්ඩතාව සහතික කරමින් පළමු ඡන්ද ගණන් කිරීම එක හා සමානව හොඳින් සංවිධානය වී තිබූ බව ද ඔහු සඳහන් කළේය.

ඡන්ද මධ්‍යස්ථානවල, ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සහ ප්‍රතිඵල ලේඛනගත කිරීමේදී පුරවැසි නිරීක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් සිටීම ක්‍රියාවලියේ විනිවිදභාවයට හේතුවක් බව ද සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් විනිවිදභාවයෙන් යුතුව සිය වගකීම් කළමනාකරණය කළ බවත් රාජ්‍ය සම්පත් අවභාවිතයට එරෙහි ස්ථාවරයන් සහ අනෙකුත් ප්‍රචාරක උල්ලංඝනයන් පිළිබඳව ද අවධානය යොමු කළ බව ප්‍රධාන නිරීක්ෂකයා සඳහන් කළේය.

මෑත කාලීන ප්‍රතිසංස්කරණ මගින් පුද්ගලිකත්ව ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ ප්‍රචාරක මූල්‍ය නියාමනය වැනි නීතිමය රාමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ සඳහා ශක්තිමත් පදනමක් සපයන බවත් යෝජිත නව නීති දේශපාලන නිදහස සීමා කළ හැකි බලතල නිර්මාණය කරන බවත් ඔවුන් නිරීක්ෂණය කර තිබේ.

“ප්‍රචාරණයන් තරඟකාරී වූ අතර මූලික නිදහසට පුළුල් ලෙස ගරු කරන ලදී. ජනාධිපතිවරණ තරඟයේ මාධ්‍ය ආවරණය සජීවී වූ නමුත් මාධ්‍ය විසින් ඉතා සීමිත නිර්පාක්ෂික විමර්ශනයක් සහ විශ්ලේෂණයක් ලබා දී තිබිණි, එය ඡන්දදායකයන්ට දැනුවත් තේරීමක් කිරීමට උපකාරී විය” යනුවෙන් ද නිරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

 

42.31%
17.27%
32.76%