
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
GSP+ වෙළඳ සහනය සමාලෝචනය කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයන් කණ්ඩායමක් මේ මස අග භාගයේදී මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මෙම කණ්ඩායම GSP+ වෙළෙඳ සහනය සහ එහි කොන්දේසි සම්බන්ධයෙන් රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී විපක්ෂ නායක ප්‍රේමදාස පැවසුවේ අපනයනවලින් 28%ක් යුරෝපා සංගම් වෙළඳපොළට යන බැවින් GSP+ සහනය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවයි.
ඇඟලුම් ක්ෂේත්‍රය සමඟ සිටිමින් GSP+ සහනය රඳවා ගැනීමට විපක්ෂය සහාය දෙන බව ද ඔහු පවසයි.
එබැවින් GSP+ වෙළඳ සහනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලැබෙන බව සහතික කෙරෙන කොන්දේසිවලට අනුකූලව කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කරයි.
GSP+ යනු අවදානමට ලක්විය හැකි, සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය වන තිරසාර සංවර්ධනය සහ යහපාලනය සඳහා වූ විශේෂ දිරිගැන්වීමේ වැඩපිළිවෙළකි.
GSP+ සහනය ලබාගන්නා රටවල් විසින් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ආරක්ෂාව සහ දේශගුණික විපර්යාස හා යහපාලනය පිළිබඳ අන්තර්ජාතිකසම්මුතීන් 27ක් අනුමත කළ යුතුය.
සම්මුතීන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මෙන්ම වාර්තා කිරීමේ වගකීම්වලට අනුකූලවීම සහතික කිරීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාව ඇතුළු GSP+ ලබාගන්නා රටවල නිරීක්ෂණ කටයුතුවල නිරත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart