
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සම සත්කාරක ඔස්ට්‍රේලියාවේ බලාපොරොත්තු වනසා දමමින් එංගලන්තය ප්‍රථම වරට කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
මැටිල්ඩා මේනියාවෙන් ඔද වැඩී සිටි තිබූ සිඩ්නි ක්‍රීඩාංගනය නිහඬ කරමින් ගෝල 3-1 ලෙස තරගය ජයගත් එංගලන්ත පාපන්දු කණ්ඩායම 1966 න් පසු ලෝක වේදිකාවේ අවසන් මහා තරගයකට පැමිණි පළමු එංගලන්ත පාපන්දු කණ්ඩායම බවට පත්විය.
පසුගිය වසරේ මව් බිමේදී ප්‍රථම වරට යුරෝපීය ශූරියන් ලෙස කිරුළු පැළඳි ඔවුන්ගේ විශිෂ්ටත්වය යළිත් සහතික කෙරුණි.
Ella Toone පළමු අර්ධයේ දී එංගලන්තයට පෙරමුණ ගෙන දුන්නේ 36 වැනි මිනිත්තුවේදී එල්ල කළ විශිෂ්ට පා පහරකිනි.
ඔස්ට්‍රේලියාවේ අභියෝගය සාර්ථකව හසුරුවා ගත් සිංහධේනුවන් දෙවන අර්ධය දක්වාම මනා පාලනයක් පවත්වා ගැනීමට සමත් වූහ.
සුපිරි ක්‍රීඩිකා Sam Kerr යාර 25ක් පමණ දුර සිට දැල් රකින Mary Earps ගේ හිසට ඉහළින් දැල තුළට පන්දුව රිංගවූයේ ලකුණු තත්ත්වය සම කරමින්.
නමුත් ඕස්ට්‍රේලියා ආරක්ෂක වළල්ලේ දුර්වලතාවයකින් උපරිම ප්‍රයෝජනය ගත් Lauren Hemp එංගලන්තය ඉදිරියට රැගෙන ආ අතර 86 වැනි මිනිත්තුවේදී Alessia Russo ලබන ඉරිදා ස්පාඤ්ඤය සමග අවසන් තරගයේ ස්ථානය තහවුරු කළාය.
රට පුරා නගර ‘මැටිල්ඩාස් උන්මාදය’ තුළ ගිලී යාම මේ සතියේ ඕස්ට්‍රේලියානු ජීවිතයේ සෑම අංශයකම ආධිපත්‍යය දැරීය.
තරග ආරම්භයට පැය පහකට පමණ පෙර සිටම රසිකයින් සිඩ්නි හි ක්‍රීඩාංගන පිටත පෝලිම් ගැසී සිටියහ.
දුම්රිය ස්ථාන කහ සහ කොළ බැලූන් වලින් සරසා තිබුණු අතර පුවත්පත්වල ඉදිරිපස මෙන්ම පසුපස පිටු ක්‍රීඩිකාවන්ගේ මුහුණුවලින් පිරී තිබුණි.
අර්ධ අවසන් පූර්ව තරගය ජයගත් මැටිල්ඩාවන්ට සුබ පැතුම් එක්කරමින් අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසුවේ ලෝක කුසලානය ජයගතහොත් නිවාඩු දිනයක් ද ප්‍රකාශයට පත් කරන බවයි.
සියලු අවධානය යොමු වූයේ සම සත්කාරකයන්ගේ ඉතිහාසය නිර්මාණය කිරීමට දරන උත්සාහයන් කෙරෙහිය.
නමුත් අඛණ්ඩව තෙවැනි වරටත් කාන්තා ලෝක කුසලානයක අවසන් පූර්ව තරගයට සහභාගී වී ම සඳහා සිඩ්නි වෙත පැමිණි එංගලන්තය ඕස්ට්‍රේලියානු රිද්මය මුල සිටම බිඳ දැමුවේ පසුගිය වාර දෙකේදීම සොයමින් සිටි ජයග්‍රහණයට මග විවිර කර ගනිමිනි.
එහෙත් ඕස්ට්‍රේලියාව තුළ කාන්තා පාපන්දුව පිළිබඳ අදහස සදහටම වෙනස් කළ සදා අනුස්මරණීය මතකයක් මෙම ලෝක කුසලානය මැටිල්ඩාස්වරුන්ට ඉතිර කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart