March 16, 2024

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයක් බවට පත්කිරීමේ ක්‍රමය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් ගැටලුවකට මුහුණදී සිටින බව වාර්තා වේ.

එම වැඩසටහන වසර 2ක පමණ කාලයක සිට ක්‍රියාත්මක නොවන බවද ඔවුහු පවසති.

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයක් බවට පත්කිරීමේ ක්‍රමය හරහා විශාල පිරිසකට ඉතාලියේ රියදුරන් ලෙස රැකියා අවස්ථා ලැබී තිබේ.

පවතින තත්ත්වය හේතුවෙන් රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇති බවයි ඔවුහු පෙන්වාදෙති.

මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය විසින් කරන ලද විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයක් බවට පත්කිරීමට දෙරට අතර ඇතිකරගත් එකඟතාව අවසන් වී ඇති බවයි.

එම නිලධාරියා පවසන්නේ, ගිවිසුම අලුත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් දෙරටේ මෝටර් රථ නිලධාරීන් සාකච්ඡා පවත්වමින් සිටින බවද ඔහු සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%