Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය 28 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා අයවැය ඡන්ද විමසීමට නොපැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකගේ යෝජනාවක් අනුව නම් කරන ලද ඉගල්කන්ද කරුණාතිලක පෙදෙස පාර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම විසින් ලබාදුන් තාර බැරල් 03ක් 28 වැනිදා එම සභාවේ අයවැය පරාජය වීමත් සමගම රැගෙන ගොස් ඇති බව මන්ත්‍රීවරිය ඊයේ (29 වැනිදා) ඇල්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය වන නිමාලි රන්ජනිකාගෙන් ‘දිවයින’ කළ විමසුමකදී ඇය මෙසේ පවසා ඇත.
“ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ දෙවැනි සභාපතිගේ 2024 වර්ෂය සඳහා වූ අයවැය ප්‍රථම වරට ඡන්ද විමසීම සිදු කළ පසුගිය 21 වැනිදා මා අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. දෙවැනි වරට ඡන්ද විමසීම සිදු කිරීමට පෙර දින (27 දා) හදිසියේ හටගත් අසනීපයක් නිසා ප්‍රතිකාර ලබා ගැනීමට මා 28 වැනිදා උදෑසන කරාපිටිය රෝහලට ගියා. රෝහලෙන් ප්‍රතිකාර ලබා එන විට සවස් වුණා. මා මෙම ඡන්ද විමසීමට සහභාගී වීමට අදහස් කරගෙනයි හිටියේ. මා හිතාමතාම ඡන්ද විමසීම මගහැරියේ නෑ. ඡන්ද විමසීමට සහභාගී නොවීම නිසා මෙම තාර බැරල් නැවත රැගෙන ගිය බවට මා විශ්වාස කරනවා. මේක මෙම මාර්ගයේ ගමන් කරන වරිපනම් ගෙවන ජනතාවට සිදු කරන ලද බරපතළ අසාධාරණයක්.”
ඇල්පිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart