December 21, 2023

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා X සමාජ මාධ්‍ය වේදිකාව භාවිත කරන්නන් දහස් ගණනක් එම වෙබ් අඩවිය පිළිබඳ ගැටලු වාර්තාකර තිබේ.

ඩවුන්ඩිටෙක්ටර් අධීක්ෂණ වෙබ් අඩවියට අනුව හොංකොං වේලාවෙන් අද පස්වරු 1:38 වනවිට ලැබී තිබූ වාර්තාවලින් 70%ක් පමණ X සමාජ මාධ්‍ය වේදිකාවට අදාළ යෙදුම පිළිබඳ ගැටලුය.

කලින් ට්විටර් ලෙස හැඳින්වූ එලෝන් මස්ක් හිමිකාරීත්වය දරන X සමාජ මාධ්‍ය වේදිකාවේ ඇණහිටීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.

මීටපෙර TweetDeck ලෙස හැඳින්වූ X Proහි ද එවැනිම ගැටලුවලටද පරිශීලකයින් මුහුණ දී ඇත්තේ “පළ කිරීම් සඳහා රැඳීසිටින්න” යනුවෙන් වන පණිවිඩයක් සමඟිනි.

42.31%
17.27%
32.76%