
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටළුවලදී දත්ත හෝ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමට රාජ්‍ය ආයතනවලට ඇති අයිතිය සහතික කරන තෙක් අමෙරිකානු ව්‍යාපාරික එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් (Starlink) චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, SpaceX හි චන්ද්‍රිකා ඒකකය වන Elon Musk’s Starlink වෙත ශ්‍රී ලංකාවට චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා බලපත්‍රයක් නිකුත් කරන ලද්දේ 2024 වසරේ පසුගිය ආණ්ඩුව සමයේදීයි.
ඒ සඳහා එවක පාර්ලිමේන්තුව ද නව විදුලි සංදේශ පනතක් සම්මත කරගනු ලැබීය.
එය වසර 28කට පසු ප්‍රථම වරට අදාළ නීතියට සංශෝධනයක් එක් කිරීමක් වූ අතර, ස්ටාර්ලින්ක් සේවාවට රටට ඇතුළු වීමට මගපෑදීම සංශෝධනයේ අරමුණ විය.
වත්මන් ආණ්ඩුව යටතේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා තීරුබදු සැලසුම් ද අනුමත කරන ලදී.
එම කොමිෂන් සභාව විසින් මසකට රුපියල් 9,200 සිට රුපියල් මිලියන 1.8 ක් දක්වා වූ ‘Starlink’ පැකේජ පහක් සඳහා අනුමැතිය දී තිබිණි.
එහි වතමන් වත්මන් තත්ත්වය පිළිබඳව විමසූ විට තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ, නීත්‍යානුකූල අවශ්‍යතාවයකදී දත්ත නීත්‍යානුකූලව අවහිර කිරීමට හෝ සන්නිවේදන තොරතුරු වෙත ප්‍රවේශ වීමට අයිතිය ස්ටාර්ලින්ක් සහතික කිරීමෙන් පසුව පමණක් සේවාවන් ක්‍රියාත්මක කළ හැකි බවයි.
“මුලින් බලපත්‍රය නිකුත් කරන විට මෙම පහසුකම සඳහා කිසිදු ප්‍රතිපාදන සහතික කර තිබුණේ නැහැ, ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා සන්නිවේදන සේවා සමහර පුද්ගලයින විසින් නීතිවිරෝධී ක්‍රියාවක් සඳහා භාවිතා කරන අවස්ථා තියෙන්න පුලුවන්, එසේනම්, නීතිමය ක්‍රියාමාර්ග සඳහා එවැනි සන්නිවේදනයකට අදාළ දත්ත ලබාගැනීමේ අයිතිය ශ්‍රී ලංකා ආරක්ෂක යාන්ත්‍රණයට තිබිය යුතුය.” නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.
දත්ත අන්තර්ග්‍රහණය කිරීම සහතික කිරීම සඳහා අයිතියක් නොමැතිව නව රජය සේවාවන්ට අවසර නොදෙන බව ද ඔහු සඳහන් කරයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාව තවමත් මූලික අදියරේ පවතී.
නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink සමඟ සාකච්ඡාවලට සම්බන්ධ වී සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart