February 13, 2025

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇති අමෙරිකානු ව්‍යාපාරික එලෝන් මස්ක්ද ප්‍රධාන චරිතයක් රඟදක්වනු ලබන අමෙරිකාවේ නව පාලනය යටතේ ක්‍රියාත්මක වන කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (DOGE) ශ්‍රී ලංකාවේ දේශගුණයට අනුවර්තනය වීමේ ව්‍යාපෘතියක් ඇතුළුව අනවශ්‍ය වියදම් යැයි චෝදනා එල්ල කර තිබූ ව්‍යාපෘති ගණනාවක් අවසන් කර ඇතැයි වාර්තා වේ.

‘X’ හි පළ කර ඇති සටහනක දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලද ව්‍යාපෘති 199න් අදාළ ව්‍යාපෘති දෙකක නම් ඇතුළත් වේ.

”ඩොලර් මිලියන 250ක මුදලක් ඉතිරි කරන නාස්තිකාර කොන්ත්‍රාත්තු 199ක් අවසන් කිරීමට පසුගිය දින දෙක තුළ නියෝජිතායතන 35ක් හරහා විශිෂ්ට සම්බන්ධීකරණයක් සිදුකර ඇත.” යනුවෙන් එම පණිවිඩයේ දැක්වේ.

අවසන් කළ එම කොන්ත්‍රාත්තු වන්නේ ;

ආසියා පැසිෆික්-ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස අවම කිරීමේ අනුවර්තනය සහ ඔරොත්තුදීමේ සම්බන්ධීකාරක සේවා

අන්තර් සංස්කෘතික සන්නිවේදන විවිධත්ව සංවාද කවය වෙනස්කම් හරහා සන්නිවේදනය කිරීම සඳහා වැඩමුළුව

”Climate alarmism” යනු ඔහුගේ දෙපාර්තමේන්තුව හරහා වියදම් කපාහැරීම වෙනුවෙන් සටන් කිරීමට මස්ක් බලාපොරොත්තු වන ක්ෂේත්‍රවලින් එකකි.

ඔහු පවසන්නේ, එවැනි ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයතනවල සිදුකෙරෙන නාස්තිකාර වියදම් කපාහරින බවයි.

42.31%
17.27%
32.76%