![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/TRAIN-SEATS-320x320.jpeg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක විවිධ ව්‍යාපෘති සඳහා එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ආයතනය (USAID) වසර ගණනාවක් පුරා අරමුදල් වෙන්කළ ආකාරය පිළිබඳ විස්තර ට්‍රම්ප් පරිපාලනය විසින් හෙළිදරව් කර ඇත.
ඒ යටතේ, ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ට ‘ද්විමය-ලිංගික භාෂාව’ වළක්වා ගන්නේ කෙසේද යන්න ඉගැන්වීම සඳහා වෙන් කරන ලද ඩොලර් මිලියන 7.9 ක් ද වන බව එක්සත් ජනපද ජනාධිපති එලෝන් මස්ක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැර ඇති ලේඛනයක දැක්වේ.
ද්විමය-ලිංගික භාෂාව වළක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම යනු, ලේඛනයේදී ඔ වෙනත් භාවිතයන්හිදී, ‘ඔහු’ හෝ ‘ඇය’ වෙනුවට ‘ඔවුන්’ වැනි ස්ත්‍රී පුරුෂභාවය උදාසීන කෙරෙන සර්වනාම භාවිත කිරීම වෙනුවෙන් දිරිගැන්වීමයි.
එක්සත් ජනපදය විසින් මෙලෙස USAID හරහා ලොව පුරා ආධාර බෙදාහැරිම ට්‍රම්ප්ගේ ප්‍රමුඛ උපදේශකයකු වන එලෝන් මස්ක්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.
මස්ක් මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ,”ඔවුන් ඔබේ(ඇමෙරිකානු ජනතාවගේ) මුදල් වියදම් කළ තවත් හාස්‍යජනක ව්‍යාපෘති කිහිපයක් මෙන්න:” යනුවෙනි.
LGBT කණ්ඩායම් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා විවිධ රටවලට ඩොලර් මිලියන ගණනක් අරමුදල් USAID විසින් ලබා දී ඇති බව එම ලේඛන තවදුරටත් හෙළිකර ඇත.
මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයෙන් ඉවත දැමීමට උත්සාහ කරන මාතෘකාවකි.
මස්ක් අනාවරණය කර ඇති ලේඛනයට අනුව, USAID විසින් ග්වාතමාලාවේ ලිංගික වෙනස්කම් සහ LGBT ක්‍රියාකාරකම් සඳහා ඩොලර් මිලියන 2 ක්, ආර්මේනියානු LGBT කණ්ඩායමකට ඩොලර් මිලියන 1.1 ක්, ජැමෙයිකාවේ LGBT උපදේශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 1.5 ක්, ලතින් ඇමරිකාවේ ව්‍යවසායකත්වය හරහා LGBT සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 2 ක්, බටහිර බෝල්කන් කලාපයේ LGBT හේතු සඳහා ඩොලර් මිලියන 3.9 ක්, උගන්ඩාවේ LGBT ක්‍රියාකාරකම් සඳහා ඩොලර් මිලියන 5.5 ක්, ලොව පුරා ප්‍රමුඛතා රටවල LGBT ගැටළු ඉදිරියට ගෙන යාම සඳහා ඩොලර් මිලියන 6 ක් සහ දකුණු අප්‍රිකාවට ඩොලර් මිලියන 6.3 ක් අරමුදල් සපයා ඇත
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart