
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ පැතිර යන සාවද්‍ය තොරතුරුවලට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව, බදුල්ල මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රයේ පැවති පිවිතුරු ශ්‍රී ලංකා වැඩසටහනේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඇල්ල රොක් ආසන්නයේ ඇති වූ ලැව්ගින්න සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය, අකාර්යක්ෂමතාව සහ වැරදි කළමනාකරණය සම්බන්ධයෙන් පළවූ වාර්තා සාවද්‍ය බවයි.
එම ප්‍රකාශ පදනම් විරහිත බව අවධාරණය කළ ඔහු පෙන්වාදුන්නේ, එවැනි සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමට පෙර කරුණු තහවුරු කරන ලෙස ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවයි.
”ඇල්ල ගිනිනිවීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම කණගාටුදායකයි. මෙම වාර්තා මගින් ජනතාව නොමග යවනවා පමණක් නොවෙයි ගින්න මැඩපැවැත්වීමට වෙහෙස නොබලා කටයුතු කරන පිරිස්වල උත්සාහය ද හෑල්ලූවට ලක් කරනවා” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඇල්ල ප්‍රදේශයේ පවතින රළු භූමි ප්‍රදේශ සහ අධික සුළං තත්ත්වය ගිනිනිවීමේ ප්‍රයත්නයන්ට සැලකිය යුතු අභියෝග එල්ල කර ඇති බව ද ඔහු එහිදී පැහැදිලි කළේය.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙලිකොප්ටර් යානා යොදාගනිමින් ගින්න නිවීමට ගෙන තිබූ මුලික උත්සාහයන් අසාර්ථක විය.
වඩාත් ඵලදායි ප්‍රවේශයක් සඳහා උපායමාර්ග සකස් කිරීම වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියාකොන්ත සහ දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා අතර ඉහළ මට්ටමේ හමුවක් පෙබරවාරි 14 වන දින පැවැත්විණි.
එම රැස්වීමෙන් පසුව, ගින්න මැඩපැවැත්වීම සඳහා භූමිය පදනම් කරගත් සම්පත් සහ විශේෂිත උපකරණ උපයෝගී කරගනිමින් සම්බන්ධීකරණ ගිනි නිවීමේ මෙහෙයුමක් දියත්කර තිබිණි.
එමෙන්ම මෙරට ස්වභාවික උරුමයන් ආරක්ෂා කිරීමට සහ පදිංචිකරුවන්ගේ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට රජයේ කැපවීම ද සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ නැවත අවධාරණය කළේය.
තත්ත්වය පාලනය කිරීමට පැය විසිහතර පුරා ක්‍රියාකරන ආරක්ෂක අංශ, පළාත් පාලන ආයතන සහ ස්වේච්ඡා සේවකයන්ගේ උත්සාහය ඔහු අගය කළ ඔහු, පැවසුවේ මෙම අර්බුදය විසඳීමට රජය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවයි.
නිරුපද්‍රිතව සහ කාර්යක්‍ෂමව ගින්න නිවාදැමීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart