March 20, 2024

සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව ජීවත් වන වන අලි දෙදෙනාගෙන් එක් අලියකු වසර එකහමාරක කාලයක සිට දක්නට නොලැබුණු බව සිංහරාජ රක්ෂිතයට අනුයුක්ත වනජීවී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත.

ඔවුන් පවසන්නේ, මෙම පිරිමි අලි දෙදෙනා සාමාන්‍යයෙන් රක්ෂිතයෙන් පිටතට පැමිණෙන බවයි.

එහෙත් ගෙවී ගිය වසර එකහමාර තුළ ගම්වාසීන්ට දැකගත හැකිව ඇත්තේ, ගෙලෙහි පටියක් පැළඳ සිටින එක් අලියෙකු (අවුරුදු 45 ක් පමණ) පමණි.

සිංහරාජ රක්ෂිතයේ සිටින අලි ආහාර සඳහා දෙනියාය සහ නෙළුව ප්‍රදේශවලට ගමන් කරති.

සිංහරාජ වනාන්තරයට අනුයුක්ත වනජීවී කාර්යාලයේ නිලධාරීන් අතුරුදන් වූ අලියා සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින අතර, එම සත්වයා අනෙක් අලියාට වඩා වයසින් වැඩි බව පැවැසේ.

මේ අතර, අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශ ආක්‍රමණය කර ඔවුන් හේන් වගාව සඳහා යොදාගෙන ඇති බවත්, ඒ හේතුවෙන් අලිමංකඩ අවහිර වී ඇති බවත් නිලධාරීහු පවසති.

මෙම වනගත ප්‍රදේශයේ ජල රක්ෂිත ප්‍රදේශ බොහෝමයක් අඛණ්ඩ ඉදිකිරීම් සඳහා විනාශ කර තිබේ.

42.31%
17.27%
32.76%