Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් වීරවිල එළිමහන් බන්ධනාගාර අවට ප්‍රථම වරට අලි පාලනය කිරීම සඳහා අලුතින් නිර්මාණය කරන ලද විදුලි වැටක් ස්ථාපනය කෙරෙමින් පවතී.
අඩි 16ක් උසැති වැට වක්‍ර කොන්ක්‍රීට් කණුවල සවිකර තිබීම හේතුවෙන් අලි ඇතුන්ට ඒවා කඩාබිම දැමීම අපහසු බව පැවැසේ.
මූලික අදියරේ පරීක්ෂණ රැසකින් අනතුරුව එම විදුලි වැට අක්කර 157 ක වපසරියක විහිදුණු වීරවිල එළිමහන් බන්ධනාගාරය වටා සවිකෙරෙනු ඇත.
රුපියල් මිලියන 18ක් පිරිවැයකින් යුතු ව්‍යාපෘතිය සඳහා බන්ධනාගාර විමධ්‍යගත අරමුදලින් මූල්‍ය පහසුකම් සපයා තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ පෙර පැවැති අලි වැටේ උස අඩි 5.5ක් පමණක් වූ බවයි.
එබැවින් අලින්ට එම වැට විනාශ කිරීමට අවස්ථාව තිබූ බවත්, මද වැසි පවතින අවස්ථාවලදී පවා ඇතැම් විදුලි වැට කණු ද කඩාවැටෙන බවත් ප්‍රදේශවාසීහු පෙන්වාදෙති.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙකු වන රංජය ජයසේකර පෙන්වාදෙන්නේ, අක්කර 157කින් යුත් වීරවිල බන්ධනාගාර පරිශ්‍රයේ කිලෝමීටර් හතරක ප්‍රදේශයක් පළමු අදියර යටතේ මෙම වැට මගින් පළමුව ආවරණය කෙරෙන බවයි.
අලි ඇතුන් පැරණි වැට කඩා එම පරිශ්‍රයට ඇතුළු වී වගා කරන ලද භෝග විනාශ කරන බව ද ඔහු පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ මෙම වැටේ දෝෂ පරීක්ෂා කිරීමට වසරක පමණ කාලයක් ගත වූ බවයි.
ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ජයතු ගුණතිලක සමරවික්‍රම පවසන්නේ, අලි වැට සහ විදුලි සබඳතාව සවිකිරීමට පෙර පරීක්ෂණ රැසකට ලක්කර ඇති බවයි.
අඩි 16ක් උස වක්‍ර කුළුණු පෙරලීමට අලි ඇතුන්ට නොහැකි බව ඔහු පෙන්වාදෙයි.
අත්හදා බැලීම් රැසක් සිදු කර නව අලි වැට ඉදිකළ බව අලි වැට නිෂ්පාදකයා මෙන්ම නව නිපැයුම්කරු ද වන ජේ.ඩී.කේ සමරනායක පවසයි.
අලි වැට ස්පර්ශ කළ විට අලියාට මාරාන්තික නොවන විදුලි කම්පනයක් ඇති වන බව ඔහු පවසයි.
එම කම්පනය මගින් සත්වයාගේ සම පිළිස්සීමට හෝ ජීවිත අනතුරකට ලක්නොවනු ඇති බව ද ඔහු පැහැදිළි කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart