July 28, 2024

දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

අගෝස්තු 19 සහ 20 යන දිනවල එම සංගණනය සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත කරන ලද බහු කාර්ය නිලධාරීන් 4500 දෙනෙකු යොදවා තිබේ.

අදාළ සංගණනය පැවැත්වෙන්නේ, සියලු වනජිවී නිලධාරින් මෙන්ම යුධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ද දායකත්වයෙනි.

සංගණනය සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

අවසන් වරට මෙරට තුළ වන අලි සංගණනයක් සිදුකළේ, 2011 වසරේදීය.

එම වාර්තාවට අනුව මෙරට සිටි වන අලි ඇතුන් සංඛ්‍යාව 5878 කි.

42.31%
17.27%
32.76%