March 13, 2025

හැටන්, කොටගල ප්‍රදේශයේ කෝවිලක් විසින් සංවිධානය කරන ලද පෙරහැරකට රැගෙන ගිය අලියකු ඊයේ රාත්‍රියේ පහරදීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පෙරහැරෙන් පසු අලියාට ආහාරදීමට උත්සාහ කරන අතරතුර අලියා මෙලෙස පහර දී ඇත.

තුවාල ලැබූ පුද්ගලයා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.