August 10, 2023

පසුගිය කාලයේ බොහෝදෙනාගේ අවධානයට ලක්වූ අග්බෝ ඇතා සම්බන්ධයෙන් වනජීවී ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී අදහස් පළකරමින් ප්‍රකාශ කළේ, එම සත්වයා දිනෙන් දින දුර්වල වන බවයි.

“වෙඩි වැදී තුවාල ලබා සිටින ඇතාට සුවය ලබාදීමට අපි උපරිමයෙන් කටයුතු කරනවා. සතාට ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරයාට රුපියල් 50,000 ක අත්තිකාරමක් ලබා දී තිබෙනවා. ඒ වගේම ඇතා වෙනුවෙන් වියදම් කරන්න තව තවත් මුදල් වෙන් කරන්න අපි සූදානමින් ඉන්නවා” යැයි ඇමැතිවරිය පැවැසීය.

“ඇතාට ප්‍රතිකාර කිරීමට අපට කිසිදු විදේශ ආධාර අවශ්‍ය නැහැ” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

එසේම මෙම සත්වයා වෙනුවෙන් මුදල් එකතු කරමින් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කරන බවට සැකයක් පවතින බවද ඇය පැවසුවාය.

“අග්බෝ වෙනුවෙන් මුදල් එකතු කිරීමට රජයෙන් කිසිදු වැඩපිළිවෙළක් දියත් කර නැහැ” යැයි ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

 

42.31%
17.27%
32.76%