October 12, 2023

ඊශ්‍රාලය හා හමාස් සංවිධාන අතර ඇතිව තිබෙන ගැටුම් හේතුවෙන් ගාසා තිරයේ පමණක් මියගිය සංඛ්‍යාව 1200 දක්වා ඉහළ ගොස් ඇති අතර ඊශ්‍රාලය ආරක්ෂ හමුදා ප්‍රහාරවලින් අද දිනයේ පැය දෙකක් ඇතුළත පුද්ගලයන් 33 ක් මියගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

පලස්තීන ඉස්ලාම් හමාස් සංවිධානය විසින් පසුගිය සති අන්තයේ සිට ගාසා තිරයේ වැසියන් 150 දෙනෙක් ප්‍රාණ ඇපයට තබාගෙන ඇති අතර, ඒ අතර කුඩා දරුවන්ද සිටින බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

මෙලෙස රදවාගෙන සිටින ඊශ්‍රායල ජාතිකයන් සියලුදෙනාම නිදහස් කරනතුරු ගාසා තීරය වෙත ජලය,විදුලිය හෝ ඉන්ධන සැපැයීමට අවසර ලබානොදෙන බව ඊශ්‍රායලය බලශක්ති ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

“කිසිදු විදුලි ස්විචයක් ක්‍රියත්මක වෙන්නේ නෑ, කිසිදු ජල සැපයුමක් වෙන්නේ නෑ, කිසිදු ඉන්ධන බවුසරයක් ඇතුළු කරන්නේ නෑ…” යැයි ඇමැතිවරයා පවසා තිබේ.

ඊශ්‍රාලය සහ හමාස් සංවිධානය අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හෙට (13) රැස්වීමට නියමිතය.