Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සියයට 22.5කින් පහළ දැමෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද ප්‍රකාශයට පත් කළේය.
පසුගියදා පැවති මහජන අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පවසන්නේ සියයට 22.5කින් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දී ඇති බවයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ථ අංශයේ විදුලි ඒකක 30ට අඩු පාරිභෝගිකයන් සඳහා සියයට 25කින් ගාස්තු අඩු කර තිබේ.
මේ යටතේ ඔවුන් ගෙවන ඒකක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු වේ.
මේ අතර, ඒකක 61ත් 90ත් අතර මාසික පරිභෝජනයක් ඇති විදුලි පාරිභෝගිකයන්ගේ බිල්පත් සියයට 55කින් අඩු කෙරෙන අතර, එම කාණ්ඩයේ ඒකක මිල රුපියල් 20 සිට 9 දක්වා අඩු කර ඇත.
එමෙන්ම ආගමික ස්ථාන සඳහා අය කරන ගාස්තු සියයට 30කට අධික ප්‍රමාණයකින් අඩු කිරීමට ද මහජන කොමිසන් සභාව තීරණය කර ඇති බව මහාචාර්ය ප්‍රනාන්දු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart