Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමුඛ පෙළේ මෝටර් රථ එකලස් කිරීමේ සමාගමකට දේශීයව එකලස් කිරීම සඳහා CIF අගය මත රේගු ගාස්තුවක් නොමැතිව අර්ධ වශයෙන් එකට එකතු කරන ලද කොටස් කට්ටල ආකාරයෙන් විද්‍යුත් වාහන හෝ ප්ලග්-ඉන්-හයිබ්‍රිඩ් විද්‍යුත් වාහන ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරයි.
CIF අගය යනු නැව්ගත කිරීමේ පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා විකුණුම්කරුට වගකීම පැවරෙන ගැනුම්කරුවකු සහ විකුණුම්කරුවකු අතර ඇති කර ගනු ලබන අන්තර්ජාතික එකඟතාවක් වන අතර වාහන ආයනයනයේ දී එම අගය මත බදු පැනවීම සිදු කරනු ලැබේ.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් චෝදනා කළේ Senok (Senok Automobile Assembly Pvt. Ltd.) නම් සමාගම දැනටමත් එවැනි අර්ධ වශයෙන් එකට එකතු කරන ලද කොටස් කට්ටල 100 සිට 150 දක්වා ගෙන්වා ඇති බවයි.
ටයර් නොමැති වාහනයක් ද අර්ධ වශයෙන් එකට එකතු කරන ලද කොටස් කට්ටලයක් ලෙස ගණන් ගත හැකි බැවින් ඔවුන් විදුලි වාහන සහ ප්ලග්-ඉන්-හයිබ්‍රිඩ් වාහන සඳහා දැනට පවතින 30% තීරුබදු නොමැතිව එකලස් කිරීම සඳහා අර්ධ වශයෙන් එකට එකතු කරන ලද නවතම කොටස් කට්ටල ආනයනය කිරීම යටතේ තීරුබදු රහිත සම්පූර්ණ වාහනයක් ආනයනය කරන බවටත් ඔහු චෝදනා කළේය.
ආනයනය කරන ලද එම වාහන චීන වාහන සන්නාම බව පැවසේ.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ, අදාළ ආනයනකරු විසින් ඩොලර් මිලියන 500ක් පමණ වටිනා තවත් භාණ්ඩ තොගයක් ගෙන්වා ඇති බවත්, එමගින් රටට රුපියලක් හෝ නොලැබෙන බැවින් එය නැවැත්විය යුතු බවයි.
ඔවුන් විසින් දැනට මෙරටට ගෙන්වා ඇති වාහනවල ප්‍රමිතියක්, ගුණාත්මක බවක් හෝ ආරක්‍ෂිත පරීක්‍ෂණයක් නොමැති බවට ද ඔහු චෝදනා කළේය.
සාමාන්‍යයෙන් රජය වාහන ආනයනය සඳහා 200-250% තීරු බද්දක් අය කරයි.
වත්මන් බදු ව්‍යුහයට අනුව කුඩා ප්‍රමාණයේ විදුලි මෝටර් රථයක් සඳහා සුඛෝපභෝගී බද්ද ඇතුළුව ගෙවිය යුතු ගාස්තු දළ වශයෙන් රුපියල් 5,000,000කි.
සාමාන්‍ය ප්‍රමාණයේ විදුලි මෝටර් රථයක් සඳහා සුඛෝපභෝගී බද්ද ඇතුළුව ගාස්තුව දළ වශයෙන් රුපියල් 12,500,000ක් වේ.
ප්ලග්-ඉන්-හයිබ්‍රිඩ් විද්‍යුත් වාහන සඳහා අදාළ බදු වඩා ඉහළ අගයක් ගන්නා අතර එය රුපියල් 25,000,000 සිට 75,000,000 දක්වා පරාසයක පවතී.
රජය මෙවැනි ඩොලර් පිටතට ගලායෑමේ ක්‍රම පාලනය කළහොත් වාහන ආනයන තහනම පහසුවෙන් ඉවත් කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
මෝටර් රථ කර්මාන්තයේ සෘජු හා වක්‍ර සේවකයන් 100,000කට අධික සංඛ්‍යාවක් සේවය කරන අතර 400,000ක් පමණ මෙම සේවකයන්ගෙන් යැපේ.
තනි සමාගමකට රේගු ගාස්තුවකින් තොරව ප්‍රතිලාභ ලැබීමට ඉඩ දීමෙන් බහුතරයක් මෝටර් රථ අලෙවි නියෝජිතයන්ට වෙළඳපොළ තුළ ගැටලු ඇතිවන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ අදහස වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart