September 4, 2024

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භ වේ.

අද (04), අනිද්දා (05) සහ 06 වැනි සිකුරාදා තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එම දිනවල උදෑසන 8.30 – 4.30 වේලාවේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවේ.

අදාළ දිනවලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සැප්තැම්බර් 11 සහ 12 ඡන්දය සලකුණු කළ හැකිය.

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, අද (04) දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවලදී තැපැල් ඡන්ද සලකුණු කළ හැකිය.

එමෙන්ම අද සහ (06) වැනි සිකුරාදා දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල කාර්යය මණ්ඩලයට ද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතී.

ඊට අමතරව, හෙට සහ 06 වැනි සිකුරාදා දෙදින ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල ද තැපැල් ඡන්ද දායකයන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.