Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය කලින් සඳහන් කළ පරිදි ඔක්තෝබර් 5 හෝ 12 වෙනුවට සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තුවෙන් සිටින බව එම කොමිසමේ නවතම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අනුව ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම අගෝස්තු මස මැද භාගයේදී සිදුකරනු ඇත.
ව්‍යවස්ථානුකූලව, මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දින 16 සිට 21 දක්වා කාලය තුළ නාමයෝජනා භාර ගත යුතු අතර, මැතිවරණය දින 28 සිට 42 දක්වා අතර කාලයක් තුළ පැවැත්විය යුතු වේ.
ව්‍යවස්ථානුකූලව ඡන්ද විමසීම පැවැත්වීමට කොමිසමට උපරිම දින 63ක් ලබා දිය යුතුය.
දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ සිවිල් සමාජ කණ්ඩායම් සිය ප්‍රචාරණ කටයුතු වේගවත් කර ඇති අතර, හැකි ඉක්මණින් නාමයෝජනා භාර දෙන දිනය ප්‍රකාශයට පත් කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.
පසුගිය බදාදා (ජූලි 17) සිට කොමිෂන් සභාවට නාමයෝජනා භාර දෙන දිනය පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීමට බලය හිමිවී තිබේ.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ මැතිවරණ කොමිසමේ කටයුතුවලට මැදිහත්වීමක් ලෙස සැළකිව හැකි බැවින් මැතිවරණ කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස දේශපාලන පක්ෂ සහ අනෙකුත් කණ්ඩායම් ඉල්ලා සිටීමෙන් වැළකී සිටිය යුතු බවයි.
මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු හොඳින් සිදුවෙමින් පවතින බවත් ඉදිරි දින කිහිපය තුළ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවන බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ද ප්‍රකාශ කර තිබේ.
ඔහු බදාදා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ භාණ්ඩාගාර නිලධාරීන් හමුවූ අතර එහිදී රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන අවශ්‍යතාවලට අනුකූලව නිදහස් කරන බවට භාණ්ඩාගාරයෙන් සහතිකයක් ලබා දී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයට සාපේක්‍ෂව වියදම් දෙගුණයකින් වැඩිවිය හැකි බව මැතිවරණ කොමිසම එහිදී පෙන්වා දී ඇත.
මේ අතර, නාමයෝජනා දිනය සහ මැතිවරණයට පෙර පැවැත්වෙන ප්‍රචාරක කාලය සම්බන්ධයෙන් ආරක්ෂක සැලැස්මක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
පොලිස් නිලධාරීන් සහ වාහන යෙදවීම සම්බන්ධයෙන් සැලැස්මක් ද කොමිසම ඉල්ලා තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ පෞද්ගලික ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව අපේක්ෂකයන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අනුමැතිය හිමිව ඇත.
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානී සහ මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙම කමිටුව සමන්විත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart