62.84%
16.47%
16.86%
August 21, 2024

ජන සහභාගීත්වය අඩු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රතිචාර දක්වා ඇත. ඔහු පවසන්නේ තමාගේ ප්‍රචාරක වැඩසටහන සත්‍යවාදී බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ හිටපු සභාපතිවරයා පවසන්නේ, තම ජන රැලිය සඳහා ප්‍රවාහන පහසුකම් සපයා නොමැති බවත්, මත්පැන් හෝ ආහාර දී ජනතාව බස් රථවල ගෙන්වා නොගත් බවයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වීමට පෙර දින රාත්‍රියේ මහජනතාවට අපහසුතාවයක් නොවන ප්‍රදේශවල මෙම ජන රැළිය පිළිබඳව පෝස්ටර් 50ක් පමණ ඇලවූ බවද ඔහු වැඩිදුරටත් පවසයි.

මහජනතාවට අපහසුතාවයක් ඇති නොවන පරිදි පරිශ්‍රය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරන ලෙසට ද උපදෙස් ලබාදුන් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

“මගේ මහජන රැලියට එක් අයකු හෝ පස් දෙනෙක්, දහයක්, පනහක් හෝ සියයක් පැමිණියත්, ඔවුන් මට 1000 දෙනකුට වඩා වැදගත් වන්නේ ඔවුන් මගේ පක්ෂපාතී ආධාරකරුවන් වන නිසා” ඔහු පැවසීය.

2010 වසරේ දේශපාලනයට පැමිණි දා සිට තමන් සංවර්ධනය වෙනුවෙන් වෙහෙසීමට උත්සාහ කළ බවත්, බාධා රැසකට මුහුණදීමට සිදු වූ බවත් ප්‍රකාශ කරණ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, එහෙත් රටේ ජනතාව ඊට සූදානම් නැතිනම් එය ඔවුන්ගේ තේරීම බව ද සඳහන් කරයි.

සමගි ජනබලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ දා සිට ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂ රැසක් ඔවුන් සමග එක්වන ලෙස තමාට ආරාධනා කළ නමුත්, හෘද සාක්ෂියට එකඟව එවැනි පක්ෂ සමඟ කටයුතු කළ නොහැකි බැවින් එම ආරාධනා ප්‍රතික්ෂේප කළ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆොන්සේකා වැඩිදුරටත් පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තම මැතිවරණ රැලියේ වීඩියෝව මහජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය පෙන්නුම් කරන බව ද ඔහු පෙන්වාදෙයි

62.84%
16.47%
16.86%