42.31%
17.27%
32.76%
August 16, 2024

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කර තිබූ භාණ්ඩ බෙදාදීමක් මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත.

අත්තනගල්ල කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන රැසකට රුපියල් ලක්ෂ 50කට අධික වටිනා භාණ්ඩ රැසක් මෙලෙස බෙදාදීමට සූදානම් කර තිබී ඇති බව වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම භාණ්ඩ බෙදාදීම වහාම අත්හිටුවා තිබේ.

අත්තනගල්ල කොට්ඨාසයේ ලියාපදිංචි අවමංගල්‍යාධාර සමිති, සුබසාධක සමිති, ගොවි සමිති, කාන්තා සමිති සදහා ප්ලාස්ටික් පුටු, හට් සහ කෘමිනාශක දියර ඉසින යන්ත්‍ර මෙසේ බෙදාදීමට කටයුතු යොදා තිබී ඇත.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ මෙම භාණ්ඩ මිලදී ගෙන ඇති අතර, හට් පුටු යනාදිය මෙම භාණ්ඩ ලබාගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස එම ස්වේච්ඡා සංවිධාන නිලධාරීන් වෙත අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම් දී තිබී ඇතැයි වාර්තා වේ.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 500කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණ කොමිසමට ලැබී ඇති අතර, ඉන් බහුතරයක් රාජ්‍ය සම්පත් අවභාවිතය සම්බන්ධ ඒවා බව වාර්තා වේ.

 

42.31%
17.27%
32.76%