Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානා සඳහා පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet) හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
ස්විට්සර්ලන්තයේ “Lantal Textiles” ආයතනය විසින් නිපදවනු ලබන මෙම හරිත බුමුතුරුණු මඟින් ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම තුළින් සිදුවන පාරසරික බලපෑම අවම කර ගැනීමට උපකාරී වේ.
“ශ්‍රීලන්කන් ගුවන් යානා තුළ පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet) භාවිතයට එක්කිරීම, වඩාත් පරිසර හිතකාමී ගුවන් සේවයක් බවට පත්කිරීමේ අපගේ දිගුකාලීන සැලැස්ම සාක්ෂාත් කරගැනීමට තවත් එක් පියවරක් ඉදිරියට තැබීමක්. වර්තමානයේදී ලොව පුරා ක්‍රියාත්මක පරිසර හිතකාමී ව්‍යාපාර හා සංචාරක වැඩසටහන් සැලසුම් කිරීමේ ප්රවණතාවයන්ට සමගාමීව ශ්‍රීලන්කන් ගුවන් සේවයද මෙවැනි පරිසර හිතකාමී නව අංගයන් ඉදිරියේදීත් හඳුන්වාදීමට අපේක්ෂාවෙන් සිටිනවා” යැයි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නිෂ්පාදන සංවර්ධන කළමනාකාරිනී මරියා සතාසිවම් පවසයි.
මෙම බුමුතුරුණු සැහැල්ලු බරින් යුක්ත වන අතර භාවිතයෙන් ඉවතලන ධීවර දැල්, ප්ලාස්ටික් සහ රෙදි කැබැලි වැනි දෑ ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් සකසන ලද විශේෂිත නයිලෝන් වර්ගයකින් නිපදවා ඇත.
මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අනෙකුත් නයිලෝන් වර්ග නිෂ්පාදනයට වඩා ඉන්ධන හා ජලය අවමව භාවිතවීම ද සුවිශේෂීය.
මෙවැනි සැහැල්ලු බුමුතුරුණු භාවිතය තුළින් ගුවන් යානා පියාසර බර සහ ඉන්ධන පරිභෝජනය අඩුවන අතර එමඟින් වාර්ෂිකව රුපියල් මිලියන 21ක පමණ ඉතිරියක් ලබාගත හැකිය.
මෙයට සමගාමීව වාර්ෂිකව පාරසරික බලපෑම ද ටොන් 248.79කින් පමණ අඩුවනු ඇතැයි පුරෝකතනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart