42.31%
17.27%
32.76%
August 24, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළගේ ඉල්ලා අස්වීම පිළිබඳ වන දැනුම්දීම මැතිවරණ කොමිසමට යොමුකර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය 2024 අගෝස්තු මස 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

ඇය දන්වා ඇත්තේ මෙලෙස ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩුවක් නිර්මාණය වී ඇති බවයි.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකර ඇත.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීමෙන් පසු තලතා අතුකෝරළ පසුගිය බදාදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූවාය.

 

42.31%
17.27%
32.76%