August 4, 2024

පාසල් සිසුන් සඳහා වන ‘සුරක්ෂා’ රක්ෂණාවරණය පිරිනැමීම සඳහා වන උත්සවයක් පැවැත්වීමට සුදානම් වීම සම්බන්ධයෙන් රජය සහ මැතිවරණ කොමිසම අතර මතභේදයක් මතුව තිබෙන බව වාර්තා වේ.

අදාළ උත්සවය අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්තගේ සහභාගිත්වයෙන් ලබන අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිවරණ කොමිසමෙන් අවසරය ඉල්ලා තිබූ නමුත් එය ජනාධිපතිවරණය අවසන් වන තෙක් කල් දමන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා තිබේ.

මෙම වැඩසටහන පාසල් සිසුන්ට වැදගත් එකක් වුවද ජනාධිපති ලේකම් කාර්යාලයේ උත්සවය පැවැත්වීම අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමකට සමාන වන බවත් එබැවින් විවිධ පාර්ශවයන්ගේ විවේචනයට ලක්විය හැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ලිපියක් මගින් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් ප්‍රේමජයන්ත ඇමැතිවරයාට අවශ්‍ය වී ඇත්තේ තමන් ඉදිරි මැතිවරණ සඳහා අපේක්ෂකයකු නොවන බව පවසමින් උත්සවය ඉදිරියට ගෙන යෑමට බව වාර්තා වේ.

සුරක්ෂා යෝජනා ක්‍රමය මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වසර දෙකක කාලයක් අත්හිටුවා තිබූ අතර අධ්‍යාපන ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් එය යළි පණ ගන්වා තිබේ.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයාගේ මෑත රැස්වීම්වලට හෙදියන්ට නිල ඇඳුමෙන් පැමිණීමට සහ ගුරුවරුන්ට පැමිණීමට කොමිසම අවසර දුන්නේ මන්දැයි රජයේ පාර්ශ්ව විමසා ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

42.31%
17.27%
32.76%